Bankar Adare - Official Trailer ( බංකර් ආදරේ - පෙරවදන )

අපිට කිසිම දවසක මායිමක් ඕනි වුනේ නෑ. අපිව හැමදාම විනාශ කලේ මේ සමාජය. වීරයෝ බිහි කරන්නෙත්, ද්‍රෝහියෝ කියලා හංවඩු ගහන්නෙත් මේ සමාජය. ආදරය අපෙන් හැංගුවේ මේ සමාජය. ජාතිය, ආගම, කුලය වගේම භාෂාවත් මිනිස්සු බෙදා වෙන් කරන්න තියෙන කඨෝර කම්බි වැටවල් වගේ. අපිට අපේ හැඟීම් බෙදා ගන්න තියෙන හොදම මාධ්‍ය භාෂාව. ඉතින් අපි අනෙකාව කියවන්න පුරුදු වුනොත් අපිට පුලුවන් ගල් කැට වෙනුවට රෝස මල් බෙදාගන්න. ආදරය වෙනුවට බංකර් අස්සේ ඉදන් අපි එකිනෙකාට වෛරයේ තුවක්කු මානගෙන ඉන්නවා. සංකේත යුද්ධයක් ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපි එකිනෙකා දිහා සැකෙන් බලන් ඉන්නවා. හැමෝටම ඕනි නිදහස, එන්න.., “මේ බංකරේ බිදින්න පුලුවන් ආදරේ අවියෙන් විතරයී“ ___මජීව වීරකෝන්___
Back to Top